මුද්දර එකතු කිරීම සහ එවැනි වෙනත් විනෝදාංශ
පැරණි දේ එකතු කිරීමට බොහෝ කලක සිට මිනිස් වර්ගයා අතර පවතින පුරුද්දකි. එකතු කිරීමේ විනෝදාංශ;
පැරණි කාසි
පැරණි මුදල් නෝට්ටු
දුරකතන ගාස්තු පෙර ගෙවුම් කාඩ් (Phone cards)
මුද්දර
තැපැල් පත්
මුල්දින කවර
ආභරණ
දැව ගෘහ භාණ්ඩ
පුවත් පත්
සඟරා
පොත්
වාහන
වාහන ආකෘති
බේස් බෝල තොප්පි
ලයිටර්
මැණික්
මුතු
වයින්
බොන්සායි පැල
පිගන් භාණ්ඩ
චීන පිගන් භාණ්ඩ
බෝනික්කන්
ටෙඩි වලසුන්
කැටයම් වෙස් මුහුණු
ආදිය විනෝදාංශ වශයෙන් එකතු කිරීමට අප සමාජය තුල විශේෂ ලැදියාවක් පවතී. මේ අතරින් මුද්දර එකතු කිරීම වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඊට අධික මුදල් ප්‍රමාණයක් වැය නොවීමත්, එක් රැස් කිරීමට අවශය ඉඩකඩ ප්‍රමාණය අඩුවීමත්, ඒවා ආරක්ෂා කර ගැනීමට පහසුවීමත් හේතුවෙනි. එසේම මුද්දර පරිහරණය කිරීමෙන් ලබාගත හැකි ආර්ථික ඵල ප්‍රයෝජනය ඉමහත් වේ.
මුද්දර එකතුකිරීම ලොව දස ලක්ෂ සංඛයාත මහජනතාවකගේ සිත් බැඳගෙන ඇත්තේ මේ හේතුව නිසාවෙනි.
ඉතිහාසය
තැපැල් මුද්දර හඳුන්වාදීමට පෙර
1847 දී පළමු තැපැල් මුද්දරය ලොවට හඳුන්වාදීමට පෙර, ලිපියක් තැපැල් කිරීමට තැපැල් කාර්යාලයකට ගෙන ගිය පසු, තැපැල් ස්ථානාධිපති විසින් ඉහළ දකුණු කෙළවරේ තැපැල් ගාස්තුව සටහන් කරනු ලැබීය. තැපැල් ගාස්තුව ගණනය කලේ, ලිපියේ ඇති පත්‍ර ගණන සහ එය ගමන් කරන දුර අනුව ය. තැපැල් ගාස්තු, ලිපිය ලබන්නාට කල්තියා ගෙවිය හැකි අතර, භාරදීමේදී එකතු කර ගැනීමත් කළ හැකිය.
ලෝකයේ පළමු තැපැල් මුද්දරය
1837 දී, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රීමත් රෝලන්ඩ් හිල් විසින් බ්‍රිතාන්‍ය දූපත් වල ඕනෑම තැනකට යන ලිපි සඳහා ඒකාකාර තැපැල් ගාස්තු සහ පෙර මුද්‍රිත තැපැල් ගාස්තු හෝ ඇලවුම් ලේබල් සහිත ලියුම් කවර භාවිතා කරමින් පෙරගෙවුම් යෝජනා කළේය. එක්සත් රාජධානියේ ලිපි තැපැල් කිරීම සඳහා වූ ප්‍රථම තැපැල් මුද්දර 1840 මැයි මාසයේදී අලෙවි විය. Penny Black ලෙස ප්‍රසිද්ධියට පත් වූ මුද්දරය අවුන්ස භාගයක ලිපියක් සඳහා සතයක ගාස්තුව ආවරණය කළ අතර, Two Penny Blue මගින් සත දෙකේ ගාස්තුව ආවරණය කරන ලදී. අවුන්සයක තරම් ලිපි සඳහා. එය මුලින්ම අලෙවි වූ නිසා, Penny Black ලොව පළමු තැපැල් මුද්දරය ලෙස සැලකේ

Comments
Post a Comment