වටිනාකම් සහ වාසි බහුල මුද්දර එකතු කිරීම නම් වූ විනෝදාංශය

 වටිනාකම් සහ වාසි බහුල මුද්දර එකතු කිරීම නම් වූ විනෝදාංශය



මුද්දර මගින් ලබා ගත හැක දැනුම් සයුර


නිකුත් වු විගස මුහුණත වටිනාකම පමණක් දක්නට ලැබුනත්, කල් යත්ම මුද්දරයක වටිනාකම කෙමෙන් වැඩෙන්නට පටන් ගනි. විරල බව වැඩෙත්ම මුද්දරයක ඉල්ලුම මෙන්ම එනිසාම එහි වටිනාකම වර්ධනය වන්නට පටන් ගනී.


රටක් පිළිබදව සොයා බැලිමේදි, එහි භූගෝලීය පිහිටීම, රට අයත් කලාපය. එය සාමාජිකත්වය දරන සංවිධාන වැනි තොරතුරු ගැන දැනුවත් විය හැක. නිදසුනක් ලෙස සාර්ක් කලාපයේ රටක් වන ශ්‍රී ලංකාව සාර්ක් සමුළුව වෙනුවෙන් නිකුත් කරන මුද්දරය ශ්‍රී ලංකාව සාමාජික රටක් බව පෙන්වා දෙයි.  රටක දේශීයත්වය, සමාජමය, සංස්කෘතික වටිනාකම්, ආගමීක උත්සව, සැමරුම් යනාදිය මෙන්ම පක්ෂීන්, කෘමීන්, මසුන්, සිව්පවුන් පිළිබදව ද දිය ඇලි, ගංගා, විල් පොකුණු වැනි ස්වභාව සෞන්දර්ය ගැන දැනුවත් විය හැක. 


තවද,  ඉතිහාසය, භූගෝලය, ජීව විද්‍යාව වැනි විෂයන් ඇතුලු තවත් බොහෝමයක් වූ දැනුම මුද්දර මගින් ලබා ගත හැක. කෙටියෙන් කියතොත් පුස්තකාලයටත් වඩා දැනුමක් හොඳ මුද්දර එකතුවකික් ලබාගත හැක.


මුද්දර එකතුවකින් ලබන මානසික සුවය අති මහත් ය. එවකට සිට ඇමරිකානු ජනපති. ෆ්‍රැන්ක්ලින් රූසවෙල්ට් පැවසුවේ "මා අසනීප අවස්ථාවේ ඔසුවලටත්  වඩා මානසික සුවයක් මගේ මුද්දර පොත් බැලීමෙන් ලදිමි" යනුවෙනි.


මුද්දර මගින් ලබා ගත හැකි ආර්ථික වටිනාකම


මුද්දරයක ආර්ථිකමය වටිනාකම මුද්දරය පැරණි වීමත් සමගම වැඩි වේ. තවද, මුද්දරය මුද්‍රණයේදි සිදුවන දෝෂ ද මුද්දරයක වටිනාකම ඉහල දැමීමට හේතුවේ. 


    ●මුද්දරයේ සඳහන් විස්තරයක දෝෂයක් 

    ●මුද්දරයේ මිල වැරදියට සඳහන් ව තිබීම

 

මෙවැනි දෝෂ වලින් සමහරක් ලෙස දැක්විය හැක.


මීට අමතරව මුද්‍රණය කල මුද්දරය ප්‍රමාණයෙන් අඩු වීම හේතුවෙන් දුලබ වීම. නිදසුනක් ලෙස 1950 වසරේ වෙසක් උත්සවය වෙනුවෙන් මුද්‍රණය කල මුද්දරය අද ඉතා දුලබ මුද්දරයකි.


මෙලස දුලබ ගණයේ මුද්දර සෑමවිටම වැඩි ආර්ථික වාසි ගෙන දේ.

Comments